න්‍යාය
ව’නියර් කැලිපරය යනු මීටර් කෝදුවකට වඩා
නිවැරදිව දිග මැනීමට යොදා ගත හැකි උපකරණයකි. අභ්‍යන්තර මිනුම් සඳහා ඇතුලතින් දෙපසට
ඇරෙන හනුවක් ද භාහිර මිනුම් සඳහා පිටතින් ඇතුලට වැසෙන හනුවක්ද ගැඹුර මැනීම සඳහා පිටතට
දික්වන සිහින් කූරක්ද එහි ඇත.
එහි ප්‍රධාන පාරිමාණය බොහෝවිට කුඩාම මිනුම
1 mm වනසේ සලකුණු කර ඇති අතර ප්‍රධාන පරිමාණය
සමග මුහුණට මුහුණලා පිහිටන පරිදි ඒ මත ගමන් කරවිය හැකි ව’නියර් පරිමාණයක් පවතී. මිනුම්
ලබාගැනීමේදී උපකරණය වෙනස් නොවන ආකාරයෙන් තබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති කුඩා ඉස්කුරුප්පු
මුරුච්චිය තදකර ව’නියර් පරිමාණය අගුලු දැමිය හැකිය.
ව’නියර් පරිමාණයේ කොටස් n සංඛ්‍යාවක දිග ප්‍රධාන පරිමාණයේ කොටස් n-1 කට සමාන වන සේ සකසා ඇති නිසා එමගින් මැනිය හැකි
කුඩාම මිනුම ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග හා ව’නියර් පරිමාණයේ එක් කොටසක දිග අතර
වෙනස හෝ ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග n වලින් බෙදු විට ලැබෙන අගය වේ.
(n-1)S = nV
|
S - ප්‍රධාන පරිමාණයේ කොටසක දිග
|
nS-S
= nV
|
V- ව’නියර් පරිමාණයේ කොටසක දිග
|
S
= nS – nV = n (S-V)
|
n - ව’නියර් පරිමාණයේ කොටස් ප්‍රමාණය
|
S/n
= (S-V)
|
|
පළමුව ව’නියර් පරිමාණයේ ශුන්‍ය රේඛාව ප්‍රධාන පරිමාණයේ යන්තමින් පසු කර ඇති රේඛාව ට අදාල
ප්‍රධාන පරිමාණයේ කියවුම ගත යුතුය. පසුව එයට ප්‍රධාන පරිමාණය හා ව’නියර් පරිමාණය සමපාත
වන ස්ථානයට ව’නියර් පරිමාණයේ ඇති කොටස් ප්‍රමාණය කුඩාම මිනුමෙන් වැඩි කර එකතු කල යුතුය.
කැලිපරයේ හනු යන්තමින් එකට ගැටෙන විට ශුන්‍ය
නොවන, ඍණ හෝ ධන කියවුමක් සහිත මූලාංක වරදක් වේ
නම්, සුදුසු පරිදි එය එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන්
නිවැරදි කර ගත යුතුය.
ක්‍රියාකාරකම
1.
තමාට හුරු අතෙහි මහපට ඇඟිල්ල ලී කැබැල්ලයේ චලනය වන හනුවේ යට පිහිටි කුඩා රෝදයට
සිටින ලෙස හා අනෙක් ඇඟිලි කැලිපරයේ ප්‍රධාන පරිමාණය වටා යන ලෙස හොදින් අල්ලා ගන්න.
2.
හනු යන්තමින් එකට ගැටෙන ලෙස ලං කර කියවුම ලබා ගන්න. පරිමාණ දෙකෙහි ශුන්‍ය රේඛා
එකිනෙක සමපාත නොවේ නම් මූලාංක වරදක් තිබේ. කෙසේ වෙතත් ව’නියර් පරිමාණයේ ශුන්‍ය රේඛාව
දැනට ප්‍රධාන පරිමාණය හා සමපාත වන ස්ථානය සොයා ගන්න. ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාවේ
සිට එම ස්ථානයට ඇති කොටස් ගණන ගණනය කර එය කුඩාම මිනුමෙන් ගුණ කර ගන්න.
3.
සමපාත වන ස්ථානය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය යේ සිට උපකරණය වැසෙන පැත්තේ වේ නම්
එම අගය අවසන් කියවුමට එකතු කිරීමටත් උපකරණය දිග හැරෙන පැත්තේ වේ නම් අවසන් කියවුමෙන්
අඩු කිරීමටත් අවශ්‍ය වේ.
4.
දැන් කැලිපර හොඳින් දිග හැර ලී කැබැල්ල ගෙන භාහිර හනු දෙක අතර තබා යන්තමින්
ඒ අතර හිරවන ලෙස තද කරන්න. ව’නියර් පරිමාණයේ ශුන්‍ය රේඛාව දැනට ප්‍රධාන පරිමාණයේ යන්තමින්
පසු කර ඇති රේඛාව කියවා ගන්න. ව’නියර් පරිමාණයේ යම් රේඛාවක් දැනට ප්‍රධාන පරිමාණයේ
යම් රේඛාවක් හා සමපාත වන ස්ථානය සොයා ගන්න. එම ස්ථානයට ඇති කොටස් ගණන ගණනය කර එය කුඩාම
මිනුමෙන් ගුණ කර ගෙන ප්‍රධාන පරිමාණයේ කියවුමට එකතු කර ගන්න. අවශ්‍ය පරිදි මූලාංක නිවැරදි
කර ගන්න. වෙනස් තැන් කිහිපයකින් කියවුම් 5ක් ලබාගෙන මධ්‍යන්‍ය අගය ගණනය කර ගන්න.
5.
ලී කැබැල්ලේ පළල හා ඝනකම ද, PVC නළ කැබැල්ලේ,
සිලින්ඩරයේ හා ගෝලයේ භාහිර විෂ්කම්භයද, සෙවීමට ඉහත ආකාරය යොදා ගත හැක.
6.
දැන් කැලිපර හොඳින් හකුලා අභ්‍යන්තර හනු PVC නළ කැබැල්ල තුලට ඇතුල් කර යන්තමින් හිර වන සේ දිග හරින්න. පෙර පරිදිම
කියවීම් ලබා ගන්න.
7.
PVC නළ කැබැල්ල වීදුරු පෘෂ්ඨයක් මත තබා කැලිපරයේ
කෙලවර නළයේ තබා කූර දිග හරිමින් එය වීදුරු තහඩුව යන්තමින් ගැටෙන සේ ඇතුළු කරන්න. පෙර
පරිදිම කියවීම් ලබා ගන්න. සිලින්ඩරයේ උස මැනීමටද කූර භාවිත කල හැක.
උදාහරණය 01
ව’නියර් පරිමාණයේ කොටස් 10 ක් ප්‍රධාන පරිමාණයේ
කොටස් 9 කට සමාන වන සේ සකසා ඇති ව’නියර් කැලිපරයක් හනු යන්තමින් එකට ගැටෙන ලෙස ලං කල
විට පහත පරිදි වේ.
ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග 1
mm වන බව නිරීක්ෂණය කල හැක. ව’නියර් පරිමාණයේ කොටස්
10 කට බෙදා ඇති නිසා එක් කොටසක දිග 0.9 mm විය යුතුය. එබැවින් කුඩාම මිනුම 0.1 mm විය යුතුය. සමපාත ස්ථානය වන්නේ ප්‍රධාන පරිමාණයේ දෙවන රේඛාවත් ව’නියර්
පරිමාණයේ තෙවන රේඛාවත්ය. එබැවින් මූලාංක වරද වන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිගින්
ව’නියර් පරිමාණයේ කොටස් තුනක දිග අඩු කල විට ලැබෙන අගයයි. එනම්, 2 x 1 mm - 3 x 0.9 mm =
(- 0.7 mm) වේ. මෙය ඍණ මූලාංක වරදක් බැවින් අවසන් මිනුමට එකතු කල යුතුය.
උදාහරණය 02
ව’නියර් පරිමාණයේ කොටස් 10 ක් ප්‍රධාන පරිමාණයේ
කොටස් 9 කට සමාන වන සේ සකසා ඇති ව’නියර් කැලිපරයකින් මිනුමක් ලබා ගන්නා අවස්ථාවක් පහත
දැක්වේ.
ව’නියර් පරිමාණයේ ශුන්‍ය රේඛාව ප්‍රධාන පරිමාණයේ 53 mm රේඛාව යන්තමින් පසු කර ඇත. ව’නියර් පරිමාණයේ 7 වන
කොටස ව’නියර් පරිමාණය හා සමග සමපාත වේ. එබැවින්, කැලිපරයේ කියවුම 53 mm + 0.1 mm x
7 = 53.7 mm විය යුතුය.
පාඨාංක හා ගණනය කිරීම්
1. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ විසින්
යොදාගත් ව’නියර් කැලිපරයේ හනු යන්තමින් එකට ගැටෙන ලෙස ලං කල විට එහි පරිමාණයන් දෙක
පිහිටන ආකාරයේ රූප සටහනක් ඇඳ මූලාංක වරද ගණනය කරන්න.
මූලාංක වරද: .........................
mm
2. ක්‍රියාකාරකමෙහි උපදෙස් අනුව ලබා ගන්නා
මිනුම් පහත වගුවේ සටහන් කර ගන්න
(සියලු මිනුම් mm වලිනි)
කියවුම් වාරය
|
ලී කැබැල්ල
|
PVC නළය
|
ගෝලය
|
සිලින්ඩරය
|
|||||
දිග
|
පළල
|
ඝනකම
|
භාහිර විශ්කම්භය
|
අභ්‍යන්තර විශ්කම්භය
|
උස
|
භාහිර විශ්කම්භය
|
භාහිර විශ්කම්භය
|
උස
|
|
1
|
|||||||||
2
|
|||||||||
3
|
|||||||||
4
|
|||||||||
5
|
|||||||||
එකතුව
|
|||||||||
මධ්‍යන්‍යය
|
සාකච්ඡාව
ව’නියර් කැලිපරය විශාල පරාසකට වඩා වැඩි
නිවැරදිතාවයකින් යුතු මිනුම් ලබා දෙයි. එහි ඉම්පීරියල් හා මෙට්‍රික් යන ඒකක දෙකෙන්ම
ක්‍රමාංකනය කර ඇත. අභ්‍යන්තර, භාහිර හා ගැඹුර එකම උපකරණයකින් මිනුම් කිරීමේ
හැකියාව පවතී. මල නොබැඳෙන වානේ වලින් සාදා ඇති නිසා කල්පැවැත්ම වැඩිය. එක් පාඨාංකයක් ගැනීමට වඩා පාඨාංක කිහිපයක මධ්‍යන්‍ය
ලබා ගැනීම තුලින් නිවරද්‍යතාවය වැඩිකර ගත හැකිය.
උපකරණයේ පරිමාණ තරමක් කුඩා නිසා ඇතැම් විට
කියවීමට අපහසු විය හැක. මිනුම් වරදවා වටහා ගැනීමට හැකියාවක් පවතින නිසා හොඳ ඇස් පෙනීමක්
හෝ විශාලන කාචයක් තිබිම අවශ්‍ය විය හැක. මෙහි නිරවද්‍යතාව ව’නියර් පරිමාණයේ කොටස් ප්‍රමාණය
මත සීමා වේ. එමෙන්ම සාපේක්ෂව 120 mm වැනි පරාසයක කුඩා
වස්තූන් මැනීම සඳහා පමණක් භාවිතා කළ හැක. ඩිජිටල් කැලිපර තරමට නිවැරදි නොවන අතර මිනුම්
ගැනීමට පෙර කැලිපරය කියවීමට දැන සිටීමට අවශ්‍ය වීම අවාසිදායක වේ.
බෝල්ට් ඇණ, මුරිච්චි, ඔයිල් සීල් හා රේසර් වල ඇතුල් හා පිටත විෂ්කම්බ
හා ඝනකම, ලියවන පට්ටල් වලින් වැඩ කිරීමේදී අවශ්‍ය
මිනුම් ලබා ගැනීමට බොහෝ විට යොදා ගැනෙන්නේ ව’නියර් කැලිපරයයි. සුදුසු ලිහිසි ද්‍රව්‍යයක්
යෙදීම මගින් ව’නියර් කැලිපරය පහසුවෙන් චලනය වන ආකාරයට සකසා ගත හැකි අතර ගෙවීම් හා මල
බැඳීම අඩු කර එහි ආයුකාලයද වැඩි කරගත හැකිය.
No comments:
Post a Comment
Please feel free to comment or add any tips or ideas you may have.