වක්‍ර පෘෂ්ඨ වල වක්‍රතාවය හා කුඩා
වස්තු වල ඝනකම වැනි මිනුම් වඩා නිවැරදිව මැනීමට ගෝලමානය භාවිත කල හැකිය. එය සමපාද
ත්‍රිකෝණයක පිහිටි අචල පාද 3 කින්ද කේන්ද්‍රයේ ඉහල පහල චලනය කල හැකි ඉස්කුරුප්පුවකට
සවි කල පදයකින්ද සමන්විත වේ. වට පරිමාණය ලෙස ක්‍රමාංකනය කල තැටියක් ඉස්කුරුප්පු
පාදය මුදුනෙහි සවිකර ඇති අතර එය ප්‍රධාන පරිමාණය හා සමග ඉතා ආසන්නයේ පවතියි.
මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයේ මෙන්ම රේඛීය
පරිමාණයක කියවීමට අපහසු තරමේ කුඩා ප්‍රමාණයේ දිගක් ඉස්කුරුප්පුවක්
මගින් විශාල භ්‍රමණයක් පත් කිරීම මෙහිදීද සිදු වේ.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරකම
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
ගෝලමානයේ ප්‍රධාන
පරිමාණයේ කොටසක දිගත් වට පරිමාණයේ කොටස් ගණනත් නිරීක්ෂණය කර ගන්න.
2.
ගෝලමානය
කඩදාසියක් මත තබා අචල පාද වල පිහිටුම ලකුණු කර ගන්න. එම ලක්ෂ තුන යාකර ලැබෙන ත්‍රිකෝණයේ
පාද තුනෙහි දිග මීටර් කෝදුවකින් මැනගෙන මධ්‍යන්‍යය ගණනය කර ගන්න. එම අගය ගෝලමානයේ
පාද අතර දුර (a) ලෙස සටහන්ව ඇති අගය සමග සංසන්දනය කර බලන්න.
3.
ගෝලමානය
වීදුරු තහඩුවක් වැනි හොඳින් සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු පාදයද විදුරු
තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කර ගන්න.
4.
පසුව දන්නා වට පරිමාණයේ කොටස්
ගණනක් කර කවා ඉස්කුරුප්පු පාදය ඉහලට ගන්න. ඝනකම සෙවීමට අවශ්‍ය කාසිය විදුරු
තහඩුව මත තබා ඊට උඩින් ගෝලමානය තබා කාසියේ පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින්
ගැටෙන සේ කරකැවිය යුතු වට පරිමාණයේ කොටස් ගණන ලබා ගන්න. පෙර කොටස් ගණනත් පසු
කොටස් ගණනත් අතර අන්තරය කුඩාම මිනුමෙන් ගුණ කල විට අවශ්‍ය පාඨාංකය ලැබේ. නැතහොත්
පෙර පිහිටුමේ පාඨාංකය හා පසු පිහිටුමේ පාඨාංකය කියවගෙන ඒ අතර වෙනස ගණනය
කිරීමෙන්ද මිනුම ලබා ගත හැකිය.
5.
වක්‍ර
පෘෂ්ඨය මත ගෝලමානය තබා වක්‍ර පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන සේ සකසා
පෙරපරිදීම පාඨාංකය ලබා ගන්න. R= a2 + h සමීකරණයේ a ට ගෝලමානයේ පාද අතර දුරද h ට ඉහත
ලබා ගත් මිනුමද ආදේශ කර වක්‍රතාවය R ගණනය කරගන්න.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 01
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන පරිමාණයේ කොටසක්
0.5 mm වන පරිදි සටහන් කර ඇති ගෝලමානයක වට පරිමාණය සමාන කොටස් 50 කට බෙදා ඇත. එය සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා
ඉස්කුරුප්පු පාදය විදුරු තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට වට
පරිමාණය ප්‍රධාන
පරිමාණයේ ශුන්‍ය රේඛාව පහලින් පිහිටන අතර එහි 47 රේඛාව සමපාතව පවතී. කාසියක් විදුරු තහඩුව හා ඉස්කුරුප්පු පාදය
අතර තබා කාසියේ පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන ලෙස පවතින විට ප්‍රධාන
පරිමාණයේ 1.5 mm රේඛාව යන්තමින් පසු කර වට පරිමාණයේ 6 වන රේඛාව සමග සමපාතව පවතී.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 0.5 mm හා වට පරිමාණයේ කොටස් 50
ක් ඇති නිසා කුඩාම මිනුම 0.5 mm / 50 විය
යුතුය. එනම් කුඩාම මිනුම 0.01 mm වේ. පළමු අවස්ථාවේදී වට පරිමාණයේ සමපාත ස්ථානය
වන 47 රේඛාව වෙත ගමන් කිරීමටනම් වට පරිමාණය ආපස්සට කොටස් 3ක් ගමන් කල යුතුය.
එබැවින් එවිට කියවීම වන්නේ 3 x (-0.01 mm) = (- 0.03 mm) වේ. දෙවන අවස්ථාවේදී කියවුම
වන්නේ 1.5 mm + 6 x 0.01 mm = 1.56 mm වෙයි. නිවැරදි කියවුම 1.56 mm – (-0.03 mm) = 1.59 mm වෙයි.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 02
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාද අතර දුර 32 mm වූ ප්‍රධාන
පරිමාණයේ කොටසක් 1 mm වන පරිදි සටහන් කර ඇති ගෝලමානයක වට
පරිමාණය සමාන කොටස් 100 කට බෙදා ඇත. එය සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු
පාදය විදුරු තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට වට පරිමාණය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය
රේඛාව ඉහලින් පිහිටන අතර එහි 2 වන රේඛාව සමපාතව
පවතී.
ඝන ගෝලයක වක්‍ර පෘෂ්ඨය මත
ගෝලමානය තබා වක්‍ර පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන සේ සැකසු විට
පරිමාණ රූප සටහනේ පරිදි පිහිටයි. ප්‍රධාන පරිමාණයේ 2 mm රේඛාව යන්තමින් පසු කර වට
පරිමාණයේ 64 වන රේඛාව සමග සමපාතව පවතී.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 1 mm හා වට පරිමාණයේ කොටස් 100
ක් ඇති නිසා කුඩාම මිනුම (1/100)mm විය
යුතුය. එනම් 0.01 mm වේ. පළමු අවස්ථාවේදී වට පරිමාණයේ සමපාත ස්ථානය වන 2 රේඛාව සමග
සම්පත වන විට කියවීම වන්නේ 2 x 0.01 mm = 0.02 mm වේ. දෙවන අවස්ථාවේදී කියවුම
වන්නේ 2 mm + 64 x 0.01 mm = 2.64 mm වෙයි. එබැවින් නිවැරදි කියවුම 2.64 mm + 0.02
mm = 2.66 mm වෙයි.
R= a2 + h = 322 / (6x2.66) + 2.66/2 = 64.16
+ 1.33 = 65.49 mm
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාඨාංක හා
ගණනය කිරීම්
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
ගෝලමානය
වීදුරු තහඩුවක් වැනි හොඳින් සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු පාදයද විදුරු
තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට එහි පරිමාණයන් දෙක පිහිටන ආකාරයේ රූප
සටහනක් ඇඳ පාඨාංකය ලියන්න.
2.
ක්‍රියාකාරකමෙහි ලබා ගන්නා මිනුම් පහත වගුවේ සටහන් කර ගන්න.
(සියලු
මිනුම් mm වලිනි)
3.
ගෝලමානයේ
පාද අතර මධ්‍යන්‍යය දුර (a) ගණනය කරන්න
AB = ............. mm a = (AB + BC + CA) / 3 =
................................................................................
BC = .............
mm a = .............. mm
CA = .............
mm
4.
දෙන ලද වක්‍ර පෘෂ්ඨයේ අරය R ගණනය කරන්න.
R = a2 + h =
......................................................................................................................................
R = ...............
mm
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සාකච්ඡාව
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ගෝලමානය භාවිතා කරන විට
අචල පාද ඇද නොවන ලෙස පරෙස්සමින් පරිහරණය කල යුතුය. අචල පාද අතර දිග සාමාන්‍යයෙන්
3 cm වැනි අගයකට ආසන්නව පවතින නිසා මීටර් කෝදුවකින් පාද තුනෙහි දුර වෙන වෙනම මැනගෙන
එහි මධ්‍යන්‍ය ලබාගෙන ගණනය කිරීම් වලට භාවිතා කල හැක. ඉස්කුරුප්පුවට ලිහිසි ද්‍රව්‍යයක්
යොදා භාවිතයට ගත යුතුය. ගෝලමානයේ මිනුම් ලබා ගන්නේ පෙර හා පසු පාඨාංක දෙකේ වෙනසෙන්
නිසා මූලාංක වරද සෙවීම අවශ්‍ය නොවේ. ඒකාකාර වක්‍රතාවක් නොමැති පෘෂ්ඨයක් නම්
ස්ථාන කිහිපයක මිනුම් ලබාගෙන මධ්‍යන්‍ය ලබා ගත හැකිය.
පාඨාංක ලබා ගන්නා අවස්ථාව
වන විට පාද 4 ම මිනුම් ලබා ගන්නා පෘෂ්ඨයේ යන්තමින් ගැටී තිබිය යුතුය.
ඉස්කුරුප්පු පාදය අවශ්‍ය පමණට වඩා දිගින් වැඩි වුවහොත් එක් අචල පාදයක් ඉහලට එසවේ.
එවිට උපකරණය අචල පාද පිහිටි පැති වලට අක්ෂය ඔස්සේ ඇල කල විට ඔබ මොබ පනින නිසා
සොයා ගැනීම පහසුය.
වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාවය 0.01
mm නිවැරදිතාවයකින් යුතුව මැනගැනීමට ගෝලමානය බහුලව යොදා ගනී. කාචයක හෝ ගෝලයක වක්‍රතා
අරය වැනි මිනුම් එකවර ලබා ගත නොහැකි අතර ලබා ගත් මිනුම් යොදාගෙන සමීකරණය මගින් ගණනය
කල යුතුය. ගෝලමානය භාවිතයෙන් ඝනකම මැනීමට හැකි වන්නේ එහි අචල පාද අතර තැබිය හැකි
ප්‍රමාණයේ වස්තු වල පමණි. ඊට අමතරව පෘෂ්ඨයක් මත පිහිටි සිදුරක ගැඹුර වැනි
මිනුම්ද සීමාසහිතව ලබාගත හැකිය. මෙහිදී ඉස්කුරුප්පු පාදයට වැඩ වැඩි විෂ්කම්භය
සහිත සිදුරක් විය යුතු අතර අචල පාද පෘෂ්ඨය මතුපිට තැබිය හැකි ප්‍රමාණවත් ඉඩක්
සහිත තැනක් විය යුතුය. සිදුරේ ගැඹුර ඉස්කුරුප්පු පාදයේ දිගට වඩා අඩු විය යුතුය.
|
Sunday, February 17, 2013
03. ගෝලමානය භාවිත කර මිනුම් ලබා ගැනීම
Saturday, February 16, 2013
02. මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිත කර මිනුම් ලබා ගැනීම.
වඩා නිවැරදිව 25 mm ට අඩු
දිගක් මැනීමට මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානය
ඉතා සුදුසු උපකරණයකි. එහි නිරවද්‍යතාව ව’නියර් කැලිපරයට
වඩා දසගුණයකින් පමණ වැඩිය. මෙහි C- හැඩැති
ඝන රාමුවක් තුල එක් පසෙක දෘඩව සවි කල කිනිහිරක්ද අනෙක් පස ඉස්කුරුප්පුවක්
මගින් එහා මෙහා ගමන් කරන ඉද්දක්ද ඇත.
ඉස්කුරුප්පුව කරකැවිය
යුත්තේ දිදාලය කෙලවර සවිව ඇති දිදාල හිසිනි. අවශ්‍ය තරමට මිනුම් කරන වස්තුව ඉද්ද
හා කිණිහිර අතර හිර වූ විගස රැචටයක් මගින් දිදාල හිස දිදාලයෙන් වෙන්ව කරකැවීමට
පටන් ගනියි.
රේඛීය පරිමාණයක කියවීමට අපහසු
තරමේ කුඩා ප්‍රමාණයේ දිගක් ඉස්කුරුප්පුවක් මගින් විශාල භ්‍රමණයක් බවට පත් කිරීම මයික්‍රෝමීටර
ඉස්කුරුප්පු ආමානයේ මූලධර්මය වේ. උදාහරණයක්
ලෙස භාහිර විෂ්කම්භය 10 mm වන ඇක්සලයක් සහිත මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයක්
එක් වටයක් කරකවීමේදී ඉද්ද
රේඛියව 1 mm
විස්ථාපනයක් ලබා ගන්නේ නම් එම 1 mm විස්ථාපනය 31.4 mm කට ප්රක්ෂේපණය වන නිසා නිරවද්‍යතාවය වැඩි වෙයි. (විෂ්කම්භය
10 mm වන වෘතයක පරිධිය = π D = 3.14
x 10 mm = 31.4 mm)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරකම
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගත් වට පරිමාණයේ කොටස් ගණනත්
නිරීක්ෂණය කර ගන්න.
2.
ඉද්ද
හා කිණිහිර එකට ගැටී දිදාල හිස වෙන්ව සියුම් ශබ්දයක් නගමින් කැරකැවෙන තෙක් දිදාල
හිස දක්ෂිණාවර් ථව කරකවන්න.
3.
ප්‍රධාන
පරිමාණයේ හා වට පරිමාණයේ ශුන්‍ය රේඛා එකිනෙක සමපාත නොවේනම් උපකරණයේ මුලාංක වරදක්
තිබෙයි.
4.
දැනට
වට පරිමාණයට ආසන්නනම පිහිටා ඇති ප්‍රධාන පරිමාණයේ කියවීම සටහන් කර ගන්න. ප්‍රධාන පරිමාණය හා සමපාත වන වට පරිමාණයේ කියවීමද සටහන් කර ගන්න.
වට පරිමාණයේ එක් කොටසක් කුඩාම මිනුමට සමාන වන නිසා දැනට කැරකැවී ඇති කොටස් ගණන
ගණන් කර කුඩාම මිනුමෙන් ගුණ කල විට මිනුම ගණනය කර ගත හැක.
5.
වට
පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාව වට පරිමාණයෙන් වැසෙන
පරිද්දෙන් නම් ඍණ මුලාංක වරදක් ඇති අතර එය අවසන් කියවුමට එකතු කල යුතුය. වට
පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාවට විරුද්ධ දෙසින් නම් ධන මුලාංක
වරදක් ඇති අතර එය අවසන් කියවුමෙන් අඩු කල යුතුය.
6.
දැන්
උපකරණය අවශ්‍ය ප්‍රමාණයට විවෘත කර මිනුම් ලබා ගැනීමට අවශ්‍ය ද්‍රවය ඉද්ද හා
කිණිහිර අතර පරෙස්සමින් තබා දිදාල හිසින් කරකවා සුදුසු පරිදි තද වුන පසු අගුල ක්‍රියාත්මක
කර ගන්න. දැනට වට පරිමාණයට ආසන්නනම පිහිටා ඇති ප්‍රධාන පරිමාණයේ කියවීම සටහන් කර ගන්න. ප්‍රධාන පරිමාණය හා සමපාත වන වට පරිමාණයේ කොටස් ගණන කුඩාම මිනුමෙන් ගුණකර ප්‍රධාන
පරිමාණ කියවුමට එකතු කරන්න. මුලාංක වරදක් ඇත්නම් සුදුසු ලෙස එය ඉවත් කර ගන්න.
7.
මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයේ කුඩාම
මිනුම 0.01 mm වන නිසා මිනුම් සටහන් කිරීමේදී
දශම ස්ථාන දෙකකින් දැක්විය යුතුය.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 01
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන පරිමාණයේ කොටසක් 0.5 mm
වන පරිදි සටහන් කර ඇති මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයක වට පරිමාණය සමාන කොටස් 50 කට බෙදා ඇත. එය දිදාල හිසින් කරකවා
සම්පුර්ණයෙන්ම වැසූ විට පහත පරිදි පිහිටයි. වට පරිමාණය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාව
වැසෙන පරිදි ගමන් කර 48 රේඛාව සමග සමපාතව ඇති බව නිරීක්ෂණයකල හැක.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 0.5 mm හා වට පරිමාණයේ කොටස් 50
ක් ඇති නිසා කුඩාම මිනුම 0.5 mm / 50 විය
යුතුය. එනම් කුඩාම මිනුම 0.01 mm විය යුතුය. වට පරිමාණයේ සමපාත ස්ථානය වන 48
රේඛාව වෙත ගමන් කිරීමටනම් වට පරිමාණය ආපස්සට කොටස් 2ක් ගමන් කල යුතුය. එබැවින්
එය වට පරිමාණයේ කොටස් 2 කට සමාන වූ ඍණ මුලාංක වරදකි. එනම්, 2 x (-0.01 mm) = (-
0.02 mm) වේ. මෙය ඍණ මූලාංක වරදක් බැවින් අවසන් මිනුමට එකතු කල යුතුය.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 02
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉහත මාදිලියේම වෙනත් මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයක් දිදාල හිසින් කරකවා සම්පුර්ණයෙන්ම වැසූ විට පහත පරිදි
පිහිටයි. එහි වට
පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාවට විරුද්ධ දෙසින් වට පරිමාණයේ
3 රේඛාව සමග සමපාත වන පරිදිණි.
මෙහිද කුඩාම මිනුම 0.01
mm වේ. වට පරිමාණයේ සමපාත ස්ථානය වෙත පැමිණීමට එය කොටස් 3 ක් ධන දිශාවට ගමන් කල
යුතු වේ. එවිට මූලාංක වරද වන්නේ 3 x 0.01 mm =
0.03 mm. මෙය ධන මූලාංක වරදක් බැවින් අවසන් මිනුමෙන් අඩු කල යුතුය.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 03
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉහත උදාහරණය 02 හි සඳහන් මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානය යොදාගෙන බෝල්ට් ඇණයක් මනින විට එහි වට පරිමාණය නැවතී ඇති ආකාරය රුපයේ
දැක වෙයි. වට පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ 7.5 mm රේඛාව යන්තමින් පසු
කර වට පරිමාණයේ 18 රේඛාව වන සමග සමපාත වන පරිදිණි. එබැවින් දැනට කියවුම වන්නේ
7.5 mm + 18 x 0.01 mm = 7.68 mm වෙයි. නමුත් උපකරණයේ 0.03 mm ක ධන මූලාංක වරදක් ඇති නිසා නිවැරදි
කියවුම 7.68 mm – 0.03 mm = 7.65 mm වෙයි.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාඨාංක හා
ගණනය කිරීම්
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
ප්‍රායෝගික
පරීක්ෂණය සඳහා ඔබ විසින් යොදාගත් මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයේ ඉද්ද හා
කිණිහිර එකට ගැටී දිදාල හිස වෙන්ව සියුම් ශබ්දයක් නගමින් කැරකැවෙන තෙක් දිදාල
හිස දක්ෂිණාවර් ථව කරකවා එහි පරිමාණයන් දෙක පිහිටන ආකාරයේ
රූප සටහනක් ඇඳ මූලාංක වරද ගණනය කරන්න.
මූලාංක වරද: ......................... mm
2.
ක්‍රියාකාරකමෙහි උපදෙස් අනුව ලබා ගන්නා මිනුම් පහත වගුවේ
සටහන් කර ගන්න
(සියලු
මිනුම් mm වලිනි)
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සාකච්ඡාව
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිහින් කම්බි,
කුඩා ඇණ,
මුරිච්චි, තුනී තහඩු වැනි කුඩා ඝන වස්තු වල මිනුම් ඉතා නිවැරදිව ලබා ගැනීමට
බහුලව යොදා ගන්නේ මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයයි. මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය, ව’නියර් කැලිපරයට
වඩා වැඩි නිවැරදිතාවයකින් යුතු මිනුම් ලබා දෙයි. බොහෝ මයික්‍රොමීටර
ඉස්කුරුප්පු මානය 0.01 mm නිවැරදිතාවයකින් යුතු වේ. එක් පාඨාංකයක් ගැනීමට වඩා පාඨාංක
කිහිපයක මධ්‍යන්‍ය ලබා ගැනීම තුලින් නිවරද්‍යතාවය තවත්
වැඩිකර ගත හැකිය. මිනුම් කරන වස්තුව අනවශ්‍ය තරමට හිර වුවහොත් එය මිනුමේ නිවැරදිතාවට
බලපෑ හැකි නිසා රැචටයකින් දිදාල හිස වෙන්ව කැරකැවෙන ලෙස සකසා ඇත. මිනුම ලබාගෙන
කියවගන්නා තෙක් ඉස්කුරුප්පුව නොවෙනස්ව අගුළුලා තැබීමටද හැකිය. දිදාල හිස වෙනුවට
දිදාලයේ බඳෙන් අල්ලා උපකරණය භාවිතා නොකළ යුතුය. ගෙවීම් හා පලුදු වීම් වලින්
ආරක්ෂා වීමට ඉද්ද හා කිණිහිර මතුපිට ටන්ග්ස්ටන් කාබයිඩ් වලින් නිමවා ඇත.
මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානය භාවිත මැනිය හැක්කේ භාහිර මිනුම් පමණි. එහි මිනුම් පරාසය 25
mm වැනි කුඩා පරාසයකට සීමා වේ. රබර් නල
වැනි මෘදු ද්‍රව්‍ය වල මිනුම් මෙමගින් ලබා ගැනීමට අපහසුය. සුදුසු ලිහිසි ද්‍රව්‍යයක්
යෙදීම, භාවිතයෙන් පසු තෙතමනය නොරැඳෙන ලෙස ගබඩා කිරීම තුලින් උපකරණයේ ආරක්ෂාව
සැලසිය හැක.
|
Subscribe to:
Posts (Atom)