ද්‍රව්‍ය හා උපකරණ
|
චලඅන්වීක්ෂයක්, රබර් නලයක්, කේශික නලයක් හා
ආධාරකයක්
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
න්‍යාය
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කුඩා වස්තුවකට නාභිගත කර විශාලනය කල හැකි අන්වීක්ෂයක් මෙම උපකරණයේ ඇත.
මෙම අන්වික්ෂය සිරස් හා තිරස් අක්ෂ දෙකේම චලනය කරවිය හැකි අතර එහි පිහිටීම
කියවාගත හැකිය.
මැනීමට අවශ්‍ය වස්තුව අන්වීක්ෂයට ඉදිරියෙන්
සුදුසු ආධාරකයක රඳවා අවනෙත හා උපනෙත අතර
දුර සීරු මාරු කොට වස්තුවට නාභිගත කල යුතුය. අන්වීක්ෂය තුලින් බැලූ විට එහි මධ්‍ය
ලක්ෂය පෙන්වන තිරස් සහ සිරස් සලකුණු සහිත + සලකුණක් ඇත. අක්ෂ ඔස්සේ අන්වීක්ෂය
චලනය කිරීමට දළ සීරුමරුවක් හා සියුම් සීරුමරුවක් ඇත.
ව’නියර් පරිමාණයක්
භාවිත කර ඇති නිසා ඉහල නිරවද්‍යතාවයකින්
මිනුම් ලබා ගත හැකිය.
බොහෝවිට මෙම උපකරණ
වල තිරස් තලයක් මත ඉස්පිරිත්තු බුබුලක් ආධාරයෙන් ලෙවල් කර ගත හැකි අයුරින් උස
සීරු මාරු කල හැකි පාද පිහිටා ඇත. මිනුම් ලබා ගන්නා වස්තුවට කිසිඳු ආකාරයේ
බලපෑමක් ඇති නොවේ. අන්වීක්ෂයක් මගින් පියවි ඇසට
පැහැදිලිව නොපෙනන ඉතා කුඩා වස්තු වල පවා මිනුම් ලබා ගත හැක. නමුත් මිනුම් ලබාගත
හැක්කේ 8 mm
උපරිමයක් දක්වා
පමණි.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරකම
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
චලඅන්වීක්ෂය
තිරස් මේසයක් මත තබා ලෙවල් කර ගන්න. මේ සඳහා ඉස්පිරිත්තු ලෙවලයේ බුබුල හරි මධ්‍යයට
පැමිණෙන ලෙස පාද වල උස සීරු මාරු කල යුතුය. දැනට බුබුල එක් පැත්තකට වැඩිපුර ගොස්
ඇත්නම් ඊට විරුද්ධ දිශාවේ වූ පාදයේ උස වැඩි කර ගත යුතුය.
2.
මැනීමට අවශ්‍ය වස්තුව අන්වීක්ෂයට ඉදිරියෙන්
සුදුසු ආධාරකයක රඳවා ගන්න.
3.
අන්වික්ෂයේ අවනෙත හා උපනෙත අතර දුර
සීරු මාරු කොට වස්තුවට නාභිගත කර ගන්න.
4.
මිනුම් කිරීමට අවශ්‍ය පළමු ලක්ෂය මතට
+ සලකුණ පැමිණෙන තෙක් සිරස් හා තිරස් අක්ෂ වල අන්වීක්ෂය සීරු මාරු කර ගන්න.
අවසන් පිහිටුමෙහි පාඨාංකය
ලබා ගන්න.
5.
පසුව
මිනුම් කිරීමට අවශ්‍ය දෙවන ලක්ෂය මතට + සලකුණ
ගෙන පෙර පරිදිම පාඨාංකය ලබා ගන්න.
6.
පාඨාංකය
දෙක අතර වෙනස ගණනය කර ගන්න.
7.
වැඩි
නිරවද්‍යතාවයක් සඳහා පාඨාංක කිහිපයක් ගෙන මධ්‍යන්‍යය ගණනය කරන්න.
8.
ඉහත
විධි අනුගමනය කරමින් ලබා දී ඇති රබර් නලයේ හා කේශික නලයේ අභ්‍යන්තර, භාහිර
විෂ්කම්භය හා ඝනකම සොයන්න.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 01
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන පරිමාණයේ කොටසක්
0.5 mm වන කොටස් 49 කට ව’නියර් පරිමාණයේ කොටස් 50 ක්
සමාන වන පරිදි සකසා ඇති චලඅන්වීක්ෂයකින් රබර් නලයක ඇතුලත
පෘෂ්ඨය සිරස් රේඛාව යන්තමින් ස්පර් ශ වන ලෙස නාභි ගතකල විට එහි ප්‍රධාන
පරිමාණයේ 2.5
mm රේඛාව
යන්තමින් පසු කර ඇති අතර ව’නියර් පරිමාණයේ 36 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව පවතී. තිරස්
පරිමාණය පමණක් වෙනස් කොට නලයේ පිටත පෘෂ්ඨය සිරස් රේඛාව යන්තමින් ස්පර් ශ වන ලෙස නාභි ගතකල විට
එහි ප්‍රධාන පරිමාණයේ
3 mm රේඛාව
යන්තමින් පසු කර ඇති අතර ව’නියර් පරිමාණයේ 8 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව පවතී.
නලයේ ඝනකම සොයන්න.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 0.5 mm හා ව’නියර් පරිමාණයේ කොටස් 50 ක් ඇති නිසා උපකරණයේ කුඩාම මිනුම
1 – (49/50) mm විය යුතුය. එනම් කුඩාම
මිනුම 0.01 mm වේ. පලවන අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ 2.5 mm රේඛාව යන්තමින් පසු කර ඇති
නිසාත් ව’නියර් පරිමාණයේ 36 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව ඇති නිසාත් එවිට
කියවීම වන්නේ 2.5 mm + 36 x 0.01 mm = 2.86 mm වේ.
දෙවන අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ 3
mm රේඛාව
යන්තමින් පසු කර ඇති නිසාත් ව’නියර් පරිමාණයේ 8 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව ඇති
නිසාත් එවිට කියවීම වන්නේ 3 mm + 8 x 0.01 mm = 3.08 mm වේ. එබැවින් නලයේ ඝනකම
වන්නේ 3.08 - 2.86 = 0.22 mm කි.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාඨාංක හා
ගණනය කිරීම්
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
රබර් නලයක අභ්‍යන්තර
විෂ්කම්භය සෙවීමට ලබා ගත යුතු මිනුම් අවස්ථා වලදී අන්වීක්ෂය තුලින් පෙනෙන ආකාරය රූප සටහන් මගින් දක්වන්න.
2.
ක්රියාකාරකමෙහි ලබා ගන්නා මිනුම් පහත ආකාරයේ වගුවක සටහන් කර
ගන්න.
(සියලු
මිනුම් mm වලිනි)
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සාකච්ඡාව
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ව’නියර් කැලිපරය, මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානය හා ගෝලමානය යන උපකරණ සියල්ලෙහිම මිනුම් කරන වස්තුව මත යම්
පීඩනයක් යෙදෙන නිසා මෘදු වස්තුවල හැඩය වෙනස් වී මිනුම් දෝෂ සහිත විය හැක. එබැවින් ප්‍රත්‍යස්ථ
මෘදු වස්තුවල පාඨාංක ලබා ගැනීමට සුදුසුම උපකරණය වන්නේ චලඅන්වීක්ෂයයි. මිනුම් ලබා ගැනීමට
පෙර උපකරණය ලෙවල් කර මිනුම් ලබා ගැනීමට අවශ්‍ය වස්තුව සුදුසු ආධාරකයක රඳවා අවනෙත
ආසන්නයේ තබා, අන්වීක්ෂය වස්තුවේ අවශ්‍ය ස්ථානයට නාභිගත කර සකසා ගත යුතුය. පියවි
ඇසින් පෙනෙන ප්‍රමාණයට වඩා විශාලනය වන නිසා මිනුම් වල නිරවද්‍යතාවය ඉතා ඉහල වෙයි.
එබැවින් කේශික නලයක අභ්‍යන්තර විෂ්කම්භය වැනි ඉතා සියුම් මිනුම් පවා ලබා ගත හැකි
වේ.
අන්වික්ෂයට
ඉදිරියෙන් ඉතා වැඩි ආලෝක ප්‍රභවයක් තිබුණහොත් පාඨාංක ලබා ගැනීමට අපහසු වන නිසා වස්තුව
මතට සාමාන්‍ය ආලෝකයක් වැටෙන ස්ථානයක උපකරණය අටවා ගැනීම සුදුසුය. මිනුම් ලබාගත හැක්කේ 8 mm උපරිමයක් දක්වා
පමණක් වීම මෙහිවන අවාසියකි. එමෙන්ම ව’නියර් පරිමාණයේ කොටස් 50ක් තිබීමත් ප්‍රධාන
පරිමාණයේ 0.5 mm කොටස් 49 ක් සමග සමපාත වන නිසාත් පියවි ඇසින් එකවර පාඨාංක කියවා ගැනීම
අපහසුය. එම අපහසුතාවය මගහරවා ගැනුමට උත්තල කාචයක් භාවිතා කල යුතුය. බොහොමයක් චලඅන්වීක්ෂ
වල ව’නියර් පරිමාණයේ සවිකළ උත්තල
කාචයක් ඇත.
|
Wednesday, March 20, 2013
04. චලඅන්වීක්ෂය භාවිතයෙන් මිනුම් ලබා ගැනීම
Sunday, February 17, 2013
03. ගෝලමානය භාවිත කර මිනුම් ලබා ගැනීම
වක්‍ර පෘෂ්ඨ වල වක්‍රතාවය හා කුඩා
වස්තු වල ඝනකම වැනි මිනුම් වඩා නිවැරදිව මැනීමට ගෝලමානය භාවිත කල හැකිය. එය සමපාද
ත්‍රිකෝණයක පිහිටි අචල පාද 3 කින්ද කේන්ද්‍රයේ ඉහල පහල චලනය කල හැකි ඉස්කුරුප්පුවකට
සවි කල පදයකින්ද සමන්විත වේ. වට පරිමාණය ලෙස ක්‍රමාංකනය කල තැටියක් ඉස්කුරුප්පු
පාදය මුදුනෙහි සවිකර ඇති අතර එය ප්‍රධාන පරිමාණය හා සමග ඉතා ආසන්නයේ පවතියි.
මයික්‍රොමීටර
ඉස්කුරුප්පු ආමානයේ මෙන්ම රේඛීය
පරිමාණයක කියවීමට අපහසු තරමේ කුඩා ප්‍රමාණයේ දිගක් ඉස්කුරුප්පුවක්
මගින් විශාල භ්‍රමණයක් පත් කිරීම මෙහිදීද සිදු වේ.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරකම
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
ගෝලමානයේ ප්‍රධාන
පරිමාණයේ කොටසක දිගත් වට පරිමාණයේ කොටස් ගණනත් නිරීක්ෂණය කර ගන්න.
2.
ගෝලමානය
කඩදාසියක් මත තබා අචල පාද වල පිහිටුම ලකුණු කර ගන්න. එම ලක්ෂ තුන යාකර ලැබෙන ත්‍රිකෝණයේ
පාද තුනෙහි දිග මීටර් කෝදුවකින් මැනගෙන මධ්‍යන්‍යය ගණනය කර ගන්න. එම අගය ගෝලමානයේ
පාද අතර දුර (a) ලෙස සටහන්ව ඇති අගය සමග සංසන්දනය කර බලන්න.
3.
ගෝලමානය
වීදුරු තහඩුවක් වැනි හොඳින් සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු පාදයද විදුරු
තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කර ගන්න.
4.
පසුව දන්නා වට පරිමාණයේ කොටස්
ගණනක් කර කවා ඉස්කුරුප්පු පාදය ඉහලට ගන්න. ඝනකම සෙවීමට අවශ්‍ය කාසිය විදුරු
තහඩුව මත තබා ඊට උඩින් ගෝලමානය තබා කාසියේ පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින්
ගැටෙන සේ කරකැවිය යුතු වට පරිමාණයේ කොටස් ගණන ලබා ගන්න. පෙර කොටස් ගණනත් පසු
කොටස් ගණනත් අතර අන්තරය කුඩාම මිනුමෙන් ගුණ කල විට අවශ්‍ය පාඨාංකය ලැබේ. නැතහොත්
පෙර පිහිටුමේ පාඨාංකය හා පසු පිහිටුමේ පාඨාංකය කියවගෙන ඒ අතර වෙනස ගණනය
කිරීමෙන්ද මිනුම ලබා ගත හැකිය.
5.
වක්‍ර
පෘෂ්ඨය මත ගෝලමානය තබා වක්‍ර පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන සේ සකසා
පෙරපරිදීම පාඨාංකය ලබා ගන්න. R= a2 + h සමීකරණයේ a ට ගෝලමානයේ පාද අතර දුරද h ට ඉහත
ලබා ගත් මිනුමද ආදේශ කර වක්‍රතාවය R ගණනය කරගන්න.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 01
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන පරිමාණයේ කොටසක්
0.5 mm වන පරිදි සටහන් කර ඇති ගෝලමානයක වට පරිමාණය සමාන කොටස් 50 කට බෙදා ඇත. එය සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා
ඉස්කුරුප්පු පාදය විදුරු තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට වට
පරිමාණය ප්‍රධාන
පරිමාණයේ ශුන්‍ය රේඛාව පහලින් පිහිටන අතර එහි 47 රේඛාව සමපාතව පවතී. කාසියක් විදුරු තහඩුව හා ඉස්කුරුප්පු පාදය
අතර තබා කාසියේ පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන ලෙස පවතින විට ප්‍රධාන
පරිමාණයේ 1.5 mm රේඛාව යන්තමින් පසු කර වට පරිමාණයේ 6 වන රේඛාව සමග සමපාතව පවතී.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 0.5 mm හා වට පරිමාණයේ කොටස් 50
ක් ඇති නිසා කුඩාම මිනුම 0.5 mm / 50 විය
යුතුය. එනම් කුඩාම මිනුම 0.01 mm වේ. පළමු අවස්ථාවේදී වට පරිමාණයේ සමපාත ස්ථානය
වන 47 රේඛාව වෙත ගමන් කිරීමටනම් වට පරිමාණය ආපස්සට කොටස් 3ක් ගමන් කල යුතුය.
එබැවින් එවිට කියවීම වන්නේ 3 x (-0.01 mm) = (- 0.03 mm) වේ. දෙවන අවස්ථාවේදී කියවුම
වන්නේ 1.5 mm + 6 x 0.01 mm = 1.56 mm වෙයි. නිවැරදි කියවුම 1.56 mm – (-0.03 mm) = 1.59 mm වෙයි.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 02
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාද අතර දුර 32 mm වූ ප්‍රධාන
පරිමාණයේ කොටසක් 1 mm වන පරිදි සටහන් කර ඇති ගෝලමානයක වට
පරිමාණය සමාන කොටස් 100 කට බෙදා ඇත. එය සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු
පාදය විදුරු තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට වට පරිමාණය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය
රේඛාව ඉහලින් පිහිටන අතර එහි 2 වන රේඛාව සමපාතව
පවතී.
ඝන ගෝලයක වක්‍ර පෘෂ්ඨය මත
ගෝලමානය තබා වක්‍ර පෘෂ්ඨය මත ඉස්කුරුප්පු පාදය යන්තමින් ගැටෙන සේ සැකසු විට
පරිමාණ රූප සටහනේ පරිදි පිහිටයි. ප්‍රධාන පරිමාණයේ 2 mm රේඛාව යන්තමින් පසු කර වට
පරිමාණයේ 64 වන රේඛාව සමග සමපාතව පවතී.
ප්‍රධාන පරිමාණයේ එක්
කොටසක දිග 1 mm හා වට පරිමාණයේ කොටස් 100
ක් ඇති නිසා කුඩාම මිනුම (1/100)mm විය
යුතුය. එනම් 0.01 mm වේ. පළමු අවස්ථාවේදී වට පරිමාණයේ සමපාත ස්ථානය වන 2 රේඛාව සමග
සම්පත වන විට කියවීම වන්නේ 2 x 0.01 mm = 0.02 mm වේ. දෙවන අවස්ථාවේදී කියවුම
වන්නේ 2 mm + 64 x 0.01 mm = 2.64 mm වෙයි. එබැවින් නිවැරදි කියවුම 2.64 mm + 0.02
mm = 2.66 mm වෙයි.
R= a2 + h = 322 / (6x2.66) + 2.66/2 = 64.16
+ 1.33 = 65.49 mm
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පාඨාංක හා
ගණනය කිරීම්
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
ගෝලමානය
වීදුරු තහඩුවක් වැනි හොඳින් සමතල දෘඩ පෘෂ්ඨයක් මත තබා ඉස්කුරුප්පු පාදයද විදුරු
තහඩුවේ යන්තමින් ගෑවෙන සේ සීරුමාරු කල විට එහි පරිමාණයන් දෙක පිහිටන ආකාරයේ රූප
සටහනක් ඇඳ පාඨාංකය ලියන්න.
2.
ක්රියාකාරකමෙහි ලබා ගන්නා මිනුම් පහත වගුවේ සටහන් කර ගන්න.
(සියලු
මිනුම් mm වලිනි)
3.
ගෝලමානයේ
පාද අතර මධ්‍යන්‍යය දුර (a) ගණනය කරන්න
AB = ............. mm a = (AB + BC + CA) / 3 =
................................................................................
BC = .............
mm a = .............. mm
CA = .............
mm
4.
දෙන ලද වක්‍ර පෘෂ්ඨයේ අරය R ගණනය කරන්න.
R = a2 + h =
......................................................................................................................................
R = ...............
mm
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සාකච්ඡාව
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ගෝලමානය භාවිතා කරන විට
අචල පාද ඇද නොවන ලෙස පරෙස්සමින් පරිහරණය කල යුතුය. අචල පාද අතර දිග සාමාන්‍යයෙන්
3 cm වැනි අගයකට ආසන්නව පවතින නිසා මීටර් කෝදුවකින් පාද තුනෙහි දුර වෙන වෙනම මැනගෙන
එහි මධ්‍යන්‍ය ලබාගෙන ගණනය කිරීම් වලට භාවිතා කල හැක. ඉස්කුරුප්පුවට ලිහිසි ද්‍රව්‍යයක්
යොදා භාවිතයට ගත යුතුය. ගෝලමානයේ මිනුම් ලබා ගන්නේ පෙර හා පසු පාඨාංක දෙකේ වෙනසෙන්
නිසා මූලාංක වරද සෙවීම අවශ්‍ය නොවේ. ඒකාකාර වක්‍රතාවක් නොමැති පෘෂ්ඨයක් නම්
ස්ථාන කිහිපයක මිනුම් ලබාගෙන මධ්‍යන්‍ය ලබා ගත හැකිය.
පාඨාංක ලබා ගන්නා අවස්ථාව
වන විට පාද 4 ම මිනුම් ලබා ගන්නා පෘෂ්ඨයේ යන්තමින් ගැටී තිබිය යුතුය.
ඉස්කුරුප්පු පාදය අවශ්‍ය පමණට වඩා දිගින් වැඩි වුවහොත් එක් අචල පාදයක් ඉහලට එසවේ.
එවිට උපකරණය අචල පාද පිහිටි පැති වලට අක්ෂය ඔස්සේ ඇල කල විට ඔබ මොබ පනින නිසා
සොයා ගැනීම පහසුය.
වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාවය 0.01
mm නිවැරදිතාවයකින් යුතුව මැනගැනීමට ගෝලමානය බහුලව යොදා ගනී. කාචයක හෝ ගෝලයක වක්‍රතා
අරය වැනි මිනුම් එකවර ලබා ගත නොහැකි අතර ලබා ගත් මිනුම් යොදාගෙන සමීකරණය මගින් ගණනය
කල යුතුය. ගෝලමානය භාවිතයෙන් ඝනකම මැනීමට හැකි වන්නේ එහි අචල පාද අතර තැබිය හැකි
ප්‍රමාණයේ වස්තු වල පමණි. ඊට අමතරව පෘෂ්ඨයක් මත පිහිටි සිදුරක ගැඹුර වැනි
මිනුම්ද සීමාසහිතව ලබාගත හැකිය. මෙහිදී ඉස්කුරුප්පු පාදයට වැඩ වැඩි විෂ්කම්භය
සහිත සිදුරක් විය යුතු අතර අචල පාද පෘෂ්ඨය මතුපිට තැබිය හැකි ප්‍රමාණවත් ඉඩක්
සහිත තැනක් විය යුතුය. සිදුරේ ගැඹුර ඉස්කුරුප්පු පාදයේ දිගට වඩා අඩු විය යුතුය.
|
Subscribe to:
Posts (Atom)