පරීක්ෂණ අංකය
|
06
|
|||||||||||||||||||||||||||||||||||
පරීක්ෂණය
|
ඝූර් ණ පිළිබඳ මූලධර් මය භාවිත කර
වස්තුවක බර සෙවීම.
|
|||||||||||||||||||||||||||||||||||
ද්‍රව්‍ය හා උපකරණ
|
මීටර් කෝදුව, බර දන්නා භාරයක්, නොදන්නා භාරයක්,
සැහැල්ලු අවිතන්‍ය තන්තු හා ආධාරකයක්
|
|||||||||||||||||||||||||||||||||||
න්‍යාය
|
||||||||||||||||||||||||||||||||||||
නිශ්චලතාවයේ පවතින පද්ධතියක, දෙන ලද ලක්ෂයක් වටා
ඝූර් ණය ශුන්‍ය
වේ. මීටර් කෝදුවක් මධ්‍ය ලක්ෂයෙන් එල්ලා දෙපසට දන්නා සහ නොදන්නා භාර එල්ලා
සමතුලිත අවස්ථාවේදී ඝූර් ණ සමාන කර නොදන්නා භාරය ගණනය කරනු ලැබේ.
|
||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරකම
|
||||||||||||||||||||||||||||||||||||
1.
මීටර්
කෝදුවක් මධ්‍ය ලක්ෂයට සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ගැටගසා තන්තුවෙන් එසවූ විට
කෝදුව පොළොවට සමාන්තරව සමතුලිතතාවයට පත් වන ලෙස තන්තුව ගැටගැසූ ස්ථානය වෙනස් කර
ගන්න.
2.
දන්නා
භාරය (W1) කොදුවේ එක් කෙළවරක ගැටගසා නොදන්නා භාරය (W2)
අනෙක් පසට ගැටගසන්න.
3.
මධ්‍යයේ
වන තන්තුව ආධාරකයේ ගැටගසා පද්ධතියේ සමතුලිත පිහිටුමක් එනතෙක් භාර දෙක සීරුමාරු
කරගන්න.
4.
මධ්‍යයේ
ඇති තන්තුව ගැටගැසූ ලක්ෂයේ සිට දන්නා භාරය ගැටගැසූ තන්තුවට ඇති දුර (L1)
හා නොදන්නා භාරය ගැටගැසූ තන්තුවට ඇති දුර (L2) වෙන වෙනම මැනගන්න.
5.
මෙලෙස
දන්නා භාරයේ පිහිටීම සිට 5 cm බැගින් වෙනස් කරමින් ඒහා සමග සමතුලිත වන
පිහිටුමේදී නොදන්නා භාරයට ඇති දුර ලබා ගන්න. මෙලෙස සමතුලිත පිහිටුම් 5 කට පමණ පාඨාංක ලබා ගත යුතුය.
6.
Y
අක්ෂයට L2 ද X අක්ෂයට L1 ද වන ලෙස ඉහත පාඨාංක ප්‍රස්ථාර මත ලකුණු කරන්න. මෙහිදී
ප්‍රස්ථාර කොලය මත ලක්ෂ උපරිම ලෙස පැතිරී යන පරිදි අක්ෂ වල පරිමාණය තෝරා ගත
යුතුය.
7.
සියලුම
ලක්ෂ හරහා වඩාත් සාධාරණව ගමන් කරන සේ ප්‍රස්ථාර රේඛාව ඇඳ එම රේඛාවේ අනුක්‍රමණය ගණනය
කරන්න.
8.
අනුක්‍රමණයෙන්
ලැබෙන අගය (L2/ L1) වන අතර එය (W2/W1)
ට සමාන වේ. එමගින් නොදන්නා භාරය ගණනය කරගන්න.
|
||||||||||||||||||||||||||||||||||||
උදාහරණය 01
|
||||||||||||||||||||||||||||||||||||
මීටර්
කෝදුවක මධ්‍ය ලක්ෂයට ආසන්නව සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ගැටගසා තන්තුවෙන් ඔසවා
කෝදුව පොළොවට සමාන්තරව සමතුලිතතාවයට පත් වන විට තන්තුව 49.8 cm රේඛාව මත පිහිටා
තිබුණි. නැවත 20 g බර දන්නා භාරයක් හා නොදන්නා භාරයක් එල්ලා සමතුලිතතාවයට පත් කල
විට එම තන්තු පිලිවෙලින් 15.3 cm හා 87.9 cm සලකුණු මත පැවතුණි. නොදන්නා භාරයේ අගය
සොයන්න.
මෙහිදී කෝදුව
එල්ලූ ලක්ෂයේ සිට දන්නා භාරය එල්ලූ තන්තුවට ඇති දුර 49.8 - 15.3 = 34.5 cm ද,
නොදන්නා භාරය එල්ලූ තන්තුවට ඇති දුර 89.9 - 49.8 = 20.1 cm ද වේ. නිශ්චලතාවයේ පවතින පද්ධතියක දෙන ලද ලක්ෂයක් වටා
ඝූර් ණය ශුන්‍ය වන
නිසා කෝදුව එල්ලූ ලක්ෂය වටා ඝූර් ණ ශුන්‍ය කලවිට,
20 g බර x
34.5 –
W x 20.1 =
0
W =
690 g බර / 20.1 = 34.33 g බර
|
||||||||||||||||||||||||||||||||||||
පාඨාංක හා
ගණනය කිරීම්
|
||||||||||||||||||||||||||||||||||||
1.
ක්‍රියාකාරකමෙහි උපදෙස් අනුගමනය කර පහත වගුවේ සඳහන් පාඨාංක ලබා ගන්න. (උදාහරණයක් පහත දක්වා ඇත)
2. ඉහත ඇසුරෙන් සුදුසු පරිමාණයක් තෝරාගෙන දන්නා භාරයට ඇති දුරට එදිරිව
නොදන්නා භාරයට ඇති දුරෙහි ප්‍රස්ථාරය අඳින්න. එමගින් අනුක්‍රමණය සොයා නොදන්නා
භාරය ගණනය කරන්න. (ඉහත උදාහරණයේ අගයන් වලට අදාල ප්‍රස්ථාරය පහතින් දක්වා ඇත)
අනුක්‍රමණය = (36-27)/(40-30) = 9/10 = 0.9
(L2/ L1) = (W2/W1)
= 0.9
W2 = 0.9 x 20 g බර = 18 g බර
|
||||||||||||||||||||||||||||||||||||
සාකච්ඡාව
|
||||||||||||||||||||||||||||||||||||
ඒකාකාර
හරස්කඩක් සහිත මීටර් කෝදුවක ගුරුත්ව කේන්ද්‍රයෙන් සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින්
එල්ලගෙන දෙපසට දන්නා භාරයක් හා නොදන්නා භාරයක් එල්ලගෙන සමතුලිත පිහිටුමේදී එල්ලා
ඇති ලක්ෂය වටා ඝූර් ණය ශුන්‍ය කර නොදන්නා භාරය ගණනය කල හැක. භාරය
එල්ලන දුර වෙනස් කොට සමතුලිත ලක්ෂ වැඩි ප්‍රමාණයක් ගෙන ප්‍රස්ථාරයක් මගින් අනුක්‍රමණය
ලබාගෙන නොදන්නා භාරය සෙවීමේදී වඩා නිරවද්‍ය වේ. යොදා ගන්නා මීටර් කෝදුව ඒකාකාර
එකක් නොවන්නේ නම් භාර කිසිවක් නොමැති අවස්ථාවේදී සමතුලිතතා පිහිටුම මාධ්‍ය
ලක්ෂයට නොපැමිණේ. කෙසේ වෙතත් මීටර් කෝදුවක්වෙනුවට ඒකාකාර දණ්ඩක් වුවද මෙම ක්‍රියාකාරකමට
ගත හැකි වුවත් මෙහිදී දුර මැනීමද කෝදුවෙන්ම කල හැකි නිසා වඩාත් පහසු වේ.
භාර දෙක
කෝදුවට සවි කල පසු සෙමින් මධ්‍යයේ වූ තන්තුවෙන් ඔසවා භාර යන්තමින් එසවෙන විට
සමතුලිතතාවය පරීක්ෂා කිරීම සිදු කල යුතුය. භාර දෙක සවි කල තන්තු දිගින් අඩු
නමුත් සමාන වූ විට ක්‍රියාකාරකම සිදුකිරීමට පහසු වේ.
ප්‍රස්ථාරයක්
අනුසාරයෙන් අනුක්‍රමණයක් ලබාගැනීම සිදුවන නිසා අඳිනු ලබන ප්‍රස්ථාරය යොදාගන්නා
කඩදාසිය සම්පුර් ණයෙන් ආවරණය වන
පරිදි පරිමාණය තෝරාගත යුතුය. එමගින් අනුක්‍රමණය සෙවීමේ දෝෂ අවම වේ.
තරාදියකින්
බර කිරීමේදී භාවිත වන්නේද ඝූර් ණ පිළිබඳ
මූලධර් මයයි. නමුත්
තරාදියේදී භාරයන් එල්ලන දුර වෙනස් කල නොහැකි නිසා එක් පසක ඇති බරට සමාන බරක්
අනෙක් පසට මැනගැනීමට පමණක් හැකි වේ.
|
Thursday, July 21, 2016
06. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිත කර වස්තුවක බර සෙවීම.
Subscribe to:
Posts (Atom)