ද්‍රව්‍ය හා උපකරණ
|
බල සමාන්තරාස්‍ර සිත්තම් පුවරුව, දන්නා භාර 3ක්
හා නොදන්නා භාරයක්, දන්නා භාරයක් සහිත භාර තැටියක්, සැහැල්ලු අවිතන්‍ය තන්තු,
විහිත චතුරස්‍රය, මීටර් කෝදුවක්, පුවරු අල්පෙනෙති කටු, පැන්සලක් හා සුදු කඩදාසි
|
න්‍යාය
|
|
ලක්‍ෂයක් මත එකිනෙකට ආනතව ක්‍රියා කරන බල
දෙකක් විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තරාස්‍රක බද්ධ පාද වලින් නිරුපනය කල විට
එම ලක්‍ෂය හරහා යන සමාන්තරාස්‍රයේ විකර් ණය මගින් බල
දෙකේ සම්ප්‍රයුක්ත බලය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරුපණය
කරයි.
|
|
ක්‍රියාකාරකම
|
|
1.
සිත්තම්
පුවරුව සිරස් බිත්තියක සවිකර ගන්න. ලිහිසි තෙල් දමා කප්පිවල ඝර් ශනය හැකිතාක්
අවම කර ගන්න. පුවරු අල්පෙනෙති කටු භාවිත කර පුවරුව මධ්‍යයට වන පරිදි සුදු
කඩදාසියක් සවි කර ගන්න.
2. සැහැල්ලු
අවිතන්‍ය තන්තුවක් දෙකෙළවර දන්නා භාර දෙකක් ගැටගසා, දන්නා භාරයක් සහිත භාර
තැටියක් එක් කෙළවරකට සවිකළ තවත් සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් පළමු තන්තුවේ මධ්‍ය
ලක්‍ෂයට අමුණා ගන්න.
3. දෙකෙළවර
ගැටගැසූ තන්තුව කප්පි දෙක මතින් යන පරිදිද මධ්‍යයෙන් ගැට ගැසූ තන්තුව පුවරුව මධ්‍යයෙන්
එල්ලෙන පරිදිද තන්තු එල්ලා ගන්න.
4.
නිශ්චලතා
පිහිටුමේදී තන්තුවල පිහිටීම පුවරු අල්පෙනෙති කටු සවිකොට සලකුණු කර ගන්න. මෙහිදී
එක් තන්තු කොටසකට පුවරු අල්පෙනෙති කටු දෙකක් වත් සවිකළ යුතුය.
5.
කඩදාසිය
ගලවාගෙන අල්පෙනෙති කටු සවිකල ලක්‍ෂ වලට මීටර් කෝදුව තබා පැන්සලෙන් එම ලක්‍ෂ යාකර
තන්තු වල පිහිටි ආකාරය සටහන් කර ගන්න.
6.
සුදුසු
පරිමාණයක් තෝරාගෙන සලකුණු කරගත් රේඛා වල භාර තුනෙහි විශාලත්වය ලකුණු කරන්න.
7.
පසුව
සම්ප්‍රයුක්ත බලය විකර් ණය වන ලෙස චතුරස්‍රය සම්පුර් ණ කර එම චතුරස්‍රයේ
පාද සමාන්තර වේ දැයි පරීක්ෂා කරන්න
|
Monday, July 20, 2015
05. බල සමාන්තරාස්‍ර නියමයේ සත්‍යතාව සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක බර සෙවීම
Subscribe to:
Posts (Atom)