Wednesday, March 20, 2013

04. චලඅන්වීක්ෂය භාවිතයෙන් මිනුම් ලබා ගැනීම

ද්‍රව්‍ය හා උපකරණ
චලඅන්වීක්ෂයක්, රබර් නලයක්, කේශික නලයක් හා ආධාරකයක්
න්‍යාය
කුඩා වස්තුවකට නාභිගත කර විශාලනය කල හැකි අන්වීක්ෂයක් මෙම උපකරණයේ ඇත. මෙම අන්වික්ෂය සිරස් හා තිරස් අක්ෂ දෙකේම චලනය කරවිය හැකි අතර එහි පිහිටීම කියවාගත හැකිය.
මැනීමට අවශ්‍ය වස්තුව අන්වීක්ෂයට ඉදිරියෙන් සුදුසු ආධාරකයක රඳවා  අවනෙත හා උපනෙත අතර දුර සීරු මාරු කොට වස්තුවට නාභිගත කල යුතුය. අන්වීක්ෂය තුලින් බැලූ විට එහි මධ්‍ය ලක්ෂය පෙන්වන තිරස් සහ සිරස් සලකුණු සහිත + සලකුණක් ඇත. අක්ෂ ඔස්සේ අන්වීක්ෂය චලනය කිරීමට දළ සීරුමරුවක් හා සියුම් සීරුමරුවක් ඇත.
ව’නියර් පරිමාණයක් භාවිත කර ඇති නිසා  ඉහල නිරවද්‍යතාවයකින් මිනුම් ලබා ගත හැකිය.
බොහෝවිට මෙම උපකරණ වල තිරස් තලයක් මත ඉස්පිරිත්තු බුබුලක් ආධාරයෙන් ලෙවල් කර ගත හැකි අයුරින් උස සීරු මාරු කල හැකි පාද පිහිටා ඇත. මිනුම් ලබා ගන්නා වස්තුවට කිසිඳු ආකාරයේ බලපෑමක් ඇති නොවේ. අන්වීක්ෂයක් මගින් පියවි ඇසට පැහැදිලිව නොපෙනන ඉතා කුඩා වස්තු වල පවා මිනුම් ලබා ගත හැක. නමුත් මිනුම් ලබාගත හැක්කේ 8 mm උපරිමයක්  දක්වා පමණි.
ක්‍රියාකාරකම
1.    චලඅන්වීක්ෂය තිරස් මේසයක් මත තබා ලෙවල් කර ගන්න. මේ සඳහා ඉස්පිරිත්තු ලෙවලයේ බුබුල හරි මධ්‍යයට පැමිණෙන ලෙස පාද වල උස සීරු මාරු කල යුතුය. දැනට බුබුල එක් පැත්තකට වැඩිපුර ගොස් ඇත්නම් ඊට විරුද්ධ දිශාවේ වූ පාදයේ උස වැඩි කර ගත යුතුය.
2.    මැනීමට අවශ්‍ය වස්තුව අන්වීක්ෂයට ඉදිරියෙන් සුදුසු ආධාරකයක රඳවා ගන්න.
3.    අන්වික්ෂයේ අවනෙත හා උපනෙත අතර දුර සීරු මාරු කොට වස්තුවට නාභිගත කර ගන්න.
4.    මිනුම් කිරීමට අවශ්‍ය පළමු ලක්ෂය මතට + සලකුණ පැමිණෙන තෙක් සිරස් හා තිරස් අක්ෂ වල අන්වීක්ෂය සීරු මාරු කර ගන්න. අවසන් පිහිටුමෙහි පාඨාංකය ලබා ගන්න.
5.    පසුව මිනුම් කිරීමට අවශ්‍ය දෙවන ලක්ෂය මතට + සලකුණ ගෙන පෙර පරිදිම පාඨාංකය ලබා ගන්න.
6.    පාඨාංකය දෙක අතර වෙනස ගණනය කර ගන්න.
7.    වැඩි නිරවද්‍යතාවයක් සඳහා පාඨාංක කිහිපයක් ගෙන මධ්‍යන්‍යය ගණනය කරන්න.
8.    ඉහත විධි අනුගමනය කරමින් ලබා දී ඇති රබර් නලයේ හා කේශික නලයේ අභ්‍යන්තර, භාහිර විෂ්කම්භය හා ඝනකම සොයන්න.
උදාහරණය 01
ප්‍රධාන පරිමාණයේ කොටසක් 0.5 mm වන කොටස් 49 කට ව’නියර් පරිමාණයේ කොටස් 50 ක් සමාන වන පරිදි සකසා ඇති චලඅන්වීක්ෂයකින් රබර් නලයක ඇතුලත පෘෂ්ඨය සිරස් රේඛාව යන්තමින් ස්පර් ශ වන ලෙස නාභි ගතකල විට එහි ප්‍රධාන පරිමාණයේ 2.5 mm රේඛාව යන්තමින් පසු කර ඇති අතර ව’නියර් පරිමාණයේ 36 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව පවතී. තිරස් පරිමාණය පමණක් වෙනස් කොට නලයේ පිටත පෘෂ්ඨය සිරස් රේඛාව යන්තමින් ස්පර් ශ වන ලෙස නාභි ගතකල විට එහි ප්‍රධාන පරිමාණයේ 3 mm රේඛාව යන්තමින් පසු කර ඇති අතර ව’නියර් පරිමාණයේ 8 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව පවතී. නලයේ ඝනකම සොයන්න.
ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග 0.5 mm හා ව’නියර් පරිමාණයේ කොටස් 50 ක් ඇති නිසා උපකරණයේ කුඩාම මිනුම 1 – (49/50)  mm විය යුතුය. එනම් කුඩාම මිනුම 0.01 mm වේ. පලවන අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ 2.5 mm රේඛාව යන්තමින් පසු කර ඇති නිසාත් ව’නියර් පරිමාණයේ 36 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව ඇති නිසාත් එවිට කියවීම වන්නේ 2.5 mm + 36 x 0.01 mm = 2.86 mm වේ.
දෙවන අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ 3 mm රේඛාව යන්තමින් පසු කර ඇති නිසාත් ව’නියර් පරිමාණයේ 8 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග සමපාතව ඇති නිසාත් එවිට කියවීම වන්නේ 3 mm + 8 x 0.01 mm = 3.08 mm වේ. එබැවින් නලයේ ඝනකම වන්නේ 3.08 - 2.86 = 0.22 mm කි.
පාඨාංක හා ගණනය කිරීම්
1.      රබර් නලයක අභ්‍යන්තර විෂ්කම්භය සෙවීමට ලබා ගත යුතු මිනුම් අවස්ථා වලදී අන්වීක්ෂය තුලින්  පෙනෙන ආකාරය රූප සටහන් මගින් දක්වන්න.  





    


2.     ක්රියාකාරකමෙහි ලබා ගන්නා මිනුම් පහත ආකාරයේ වගුවක සටහන් කර ගන්න.
මිනුම් අවස්ථාව
රබර් නලය
අභ්‍යන්තර හරස්කඩ පාඨාංක
භාහිර හරස්කඩ පාඨාංක
ඝනකම
(
Y-X)
මුල් පාඨාංකය (A)
අවසන් පාඨාංකය
(B)
අභ්‍යන්තර විෂ්කම්භය
(X=A-B)
මුල් පාඨාංකය
(C)
අවසන් පාඨාංකය (D)
භාහිර විෂ්කම්භය
(Y=C-D)
තිරස්
3.17
2.56
0.61
4.22
3.09
1.13
0.52
සිරස්
4.28
3.68
0.60
5.29
4.19
1.10
0.50
එකතුව


1.21


2.23
1.02
මධ්‍යන්‍යය


0.61


1.12
0.51
මිනුම් අවස්ථාව
කේශික නලය
අභ්‍යන්තර හරස්කඩ පාඨාංක
භාහිර හරස්කඩ පාඨාංක
ඝනකම
තිරස්







සිරස්







එකතුව







මධ්‍යන්‍යය







(සියලු මිනුම් mm වලිනි)
සාකච්ඡාව
ව’නියර් කැලිපරය, මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය හා ගෝලමානය යන උපකරණ සියල්ලෙහිම මිනුම් කරන වස්තුව මත යම් පීඩනයක් යෙදෙන නිසා මෘදු වස්තුවල හැඩය වෙනස් වී මිනුම් දෝෂ සහිත විය හැක. එබැවින් ප්‍රත්‍යස්ථ මෘදු වස්තුවල පාඨාංක ලබා ගැනීමට සුදුසුම උපකරණය වන්නේ චලඅන්වීක්ෂයයි. මිනුම් ලබා ගැනීමට පෙර උපකරණය ලෙවල් කර මිනුම් ලබා ගැනීමට අවශ්‍ය වස්තුව සුදුසු ආධාරකයක රඳවා අවනෙත ආසන්නයේ තබා, අන්වීක්ෂය වස්තුවේ අවශ්‍ය ස්ථානයට නාභිගත කර සකසා ගත යුතුය. පියවි ඇසින් පෙනෙන ප්‍රමාණයට වඩා විශාලනය වන නිසා මිනුම් වල නිරවද්‍යතාවය ඉතා ඉහල වෙයි. එබැවින් කේශික නලයක අභ්‍යන්තර විෂ්කම්භය වැනි ඉතා සියුම් මිනුම් පවා ලබා ගත හැකි වේ.
අන්වික්ෂයට ඉදිරියෙන් ඉතා වැඩි ආලෝක ප්‍රභවයක් තිබුණහොත් පාඨාංක ලබා ගැනීමට අපහසු වන නිසා වස්තුව මතට සාමාන්‍ය ආලෝකයක් වැටෙන ස්ථානයක උපකරණය අටවා ගැනීම සුදුසුය. මිනුම් ලබාගත හැක්කේ 8 mm උපරිමයක්  දක්වා පමණක් වීම මෙහිවන අවාසියකි. එමෙන්ම ව’නියර් පරිමාණයේ කොටස් 50ක් තිබීමත් ප්‍රධාන පරිමාණයේ 0.5 mm කොටස් 49 ක් සමග සමපාත වන නිසාත් පියවි ඇසින් එකවර පාඨාංක කියවා ගැනීම අපහසුය. එම අපහසුතාවය මගහරවා ගැනුමට උත්තල කාචයක් භාවිතා කල යුතුය. බොහොමයක් චලඅන්වීක්ෂ වල ව’නියර් පරිමාණයේ සවිකළ උත්තල කාචයක් ඇත.